පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු 15 වන දින කලබල බිංදු ළමා උද්‍යානයේ දී පැවැත්විණි. අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මඟ පෙන්වීම මත හා මාගම් නාවික හමුදාකඳවුරේ නිලධාරීතුමන් ඇතුළු පිරිසගේ ආධාරය මත මෙම සමාජ සත්කාරය සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මැතිතුමා, නැටුම් විෂය භාර සුදීකා ගුරුතුමිය, කාංචනා ගුරුතුමිය හා ආයතන කළමනාකරු මංජුල මහතාද සහභාගී විය.මෙහිදී නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මැතිතුමා විශේෂ දේශනයක් පැවැත්වූ අතර, එහිදී දිනපතා පාසල් යාමේ වැදගත්කම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.දරුවන් ඉතා සතුටින් වැඩසටහන සදහා සහභාගී වූ අතර අධ්‍යාපනය හා එහි වැදගත්කම පිළිබද දැනුමක් ලබා දී දරුවන් දිරිමත් කිරීම ද මෙහි අරමුණු විය. මේ සඳහා සහාය දැක්වූ සියලු දෙනාහට කෘතවේදී ස්තූතිය පුදකර සිටිමු.
2021-03-23 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න