කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පවත්වාගෙන යන මේ සේවාව සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට යොමුකළ නොහැකි විශේෂිත අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සඳහා වෙන්වූවකි. සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා දරුවන් රඳවාගෙන ආහාරපානාදිය සැපයෙමින් සිදුකෙරෙන මේ සත් කාර්ය්යය දයානුකම්පාවෙන් යුතු පරිත්යාාගශිලීන්ගේ සහය මත පදනම් වූවකි. දෙමාපියන් විශාල පිරිසකට පහත් වූ සහනයක් සලසමින් දැනට විශේෂිත දරුවන් 30 ක් පමණ මෙහි සේවය ලබති.
ආර් ථික හේතු නිසා ද අශුභවාදී සමාජ පිළිගැනීම් නිසා ද ගෙවල්තුළ සිගරතවුනු ආකාරයෙන් ජීවත්වන මේ වර්ගෙය් දරුවන් ජීවිතයේ එළියක් නොදැක ගත කරන ආකාරය අතිශයින් ම ශෝක ජනකය. එවන් ජිවිත ගණනාවකට දියුණුවේ ආලෝකය ලබා දෙමින් ද, එම දෙමාපියන්ට අප්‍රමාණ වූ සහනයක් ලබා දෙමින් ද ක්‍රියාත්මකවන මේ සානුකම්පික සේවාව මේ මානව සමාජයේ ඉහළම මානුෂික ගුණය ප්‍රකට කරවන සාධකයක් වශයෙන් හඳුන්වාදිය හැකිය.