ශ්‍රී බෝධිරාජ පදනම යනු බුදු දහම පාදක කොට ගෙන සමාජ සුභසාධනයට කැප වුනු ලාභ නොලබන සංවිධානයකි. ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් විසින්, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය මුල් කරගෙන 1991 දී ආරම්භ කරන ලද මේ සේවා සංචිතය 1993 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත ආයතනයක් ලෙසින්ද පිළිගැනින. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, සදාචාර ආදී සෑම සමාජ සුභසාධන ක්ෂේත්රයකම පැතිර ගිය සේවාවන් රැසක නියැලී සිටින මේ ආයතනය ජනතාවගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය එකම අපේක්ෂාව ලෙස සලකා සම්මා වායාමය පෙර දැරිව ක්‍රියාත්මක පවතියි.
“ජනතාවගේ මුලික පහසුකම් පිළිබද නොසළකා ධර්මදේශනා කිරීමෙන් පමණක් සමාජ සදාචාරය ස්ථාවර කළ නොහැකිය.“ මේ ධර්මාන්විත තේමාව ගුරු කොටගෙන භික්ෂුවක සතු යුතුකම යථාර්ථවත් කරලමින් ආරම්භ කොට ඉදිරියට යන මේ සංවිධානය “පන්සලෙන් ගමටත්, ගමෙන් පන්සලටත්“ යන්න මැනවින් නිර්වචනය කරයි.