සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රවාහකයා දහම් පාසල යි. ඒ කරුණ අර්ථවත් කරමින් 1963 සිට පවත්වාගෙන එන ශ්‍රී බෝධිරාජ ධර්මායතන දහම් පාසල අද දවසේ 1700 ක් පමණ සිසු සිසුවියන්ට දහම් මග දක්වන සේවාවක් බවට පත්වී තිබේ. 60 දෙනෙකුගෙන් යුත් ගිහි පැවිදි ස්වේච්ඡා ගුරුමණ්ඩලයක උදාර ශ්‍රම පරිත්‍යාගය මත මේ උතුම් සේවාව සාර්ථකත්වයට පත් වී තිබේ.
විහාරස්ථානයේ ආදි කර් තෘවර විනයාචාර්‍ය්‍ය ලාල්පේ සිරිවංස හිමිපාණන් විසින් සිසු සිසුවියන් 12 දෙනෙකුගෙන් යුතුව ආරම්භ කෙරුණු මේ දහම් පාසල එදවස ප්‍රෙද්ශයේ පැවති එකම දහම් පාසල වන අතර මේ දක්වා ගතවුණු අඩසියවසකට වැඩි කාලසීමාව තුළ දස දහස් ගණනක් දරුවන්ට දහම් මග පහදා දී ඇත. සර 39 ක් පුරා සිදුවුනු ධර්මචාර්ය්ය පූජ්‍ය මුරුතාමුරේ මුනින්දවංස හිමිපාණන්ගේ කැපවීම ද මෙහිලා කෘතවේදී ව සඳහන් විය යුතුය. මෙහි වර්තමාන විද්‍යාලාධිපති තනතුර හොබවන්නේ ශාස්ත්‍ර වේදී පූජ්‍ය විජේරියේ විමල හිමියන් ය.