සදාචාරවත් සමාජයක් ගොඩ නැගීමේදී ප්‍රධාන සාධකය වන්නේ යහපත් උපදේශනයයි. එය කළ්‍යාණ මිත්‍ර සේවනය යනුවෙන් ද හදුනාගනු ලැබ ඇත. මේ කාර්යයෙහි ලා බෞද්ධ සමාජයක ප්‍රධාන වගකීම හිමිවන්ගේ භික්ෂූන් වහන්සේට ය. ඒ සදහා ක්රමානුකූල පුහුණුවක් ද සහිතව අත්‍යවශ්‍ය අධ්‍යාපන පහසුකම් සැලසීම සදහා බෝධිරාජ ධර්මායතන භික්ෂු පුහුණු වැඩසටහන 1988 දී ආරම්භ කෙරින. අධයාපන අමාත්‍යංශයේ මහ පිරිවෙනක් ලෙසින් ද අනුමත මේ ආයතනයේ නිරතුරුවම භික්ෂු සාමණේරයන් වහන්සේ 50 නමක් පමණ වැඩ සිටිති. බුදුදහම, පාලි, සිංහල, ඉංග්‍රීසි ආදී විෂය දැනීම පමණක් නොව සුසංවුත ආකල්පය ඇතුලු ආරාමික චර්යාවන් සම ග ම මෙත් කරුණාගුණ සපිරි පරාර්ථ චර්යාවන් ගැන ද මෙහිදී ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.
භික්ෂු පුහුණු වැඩ සටහන සිදු කෙරෙන්නේ දිනපතා උදේ 5.00 සිට රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මක වන කාලසටහනක් අනුව ය. යෝග භාවනා හා බුද්ධ වන්දනා මගින් දවසේ ආරම්භය සිදුවන අතර පාරිසරික පවිත්‍රතාවය හා කළමනාකරණය අත්‍යවශ්‍ය අභ්‍යාස වන්නේ ය. හුදු පොතපතේ දැනුමට සීමා වූ පන්ති කාමරගත අධ්‍යාපන රාටාවක සීමා නොවී බෞද්ධ සමාජයක විවිධ අවශ්‍යතාවන් ඉටුකරමින් සිදුවන බාහිර ක්‍රියාකාරකම් සදහා ද මෙහිදී කුඩා භික්ෂූන් වහන්සේලා පුහුණු කරවනු ලැබේ.