මේ යුගයේ අවභාවිතයට හා අසාධාරණයට ගොදුරු වු සම්පත ගව සම්පතයි. කිරිගෙන, වැඩ ගෙන, අවසානයේ මසට විකිණෙන ඒ ඛේදාන්තය අවම කරලනු පිණිස කොවුල්ආර ගව අනාථාගාරය විවෘතව පවතිය. ගවඝාතනාගාර වලින් නිදහස් කරනු ලබන්නා වූද, උසාවි මගින් රාජසන්තක කරනු ලබන්නාවූද, අනාථව අසරණව මරණමුඛයේ සිටින්නාවූද එළ මී ගවයින් පිළිටගන සුරක්ෂිතව කෙරෙන මේ භූමිභාගය අක්කර 100කින් සමන්විතය. මහජන ආධාර යටතේ පවත්වාගෙන යන මේ සේවාස්ථානයේ දැනට සතුන් 150ක් පමණ පිළිසරණ ලබති.
විවිධ බාධා හා කරදර මධ්‍යයේ 2008 වසරේ සිට පවත්වාගෙන එන මේ සේවාව ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම දක්නට ලැබෙන ඒ වර්ගෙය් එකම සත්ව සුභ සාධන මධ්‍යස්ථානය යි. මේ දක්වා කරගෙන ආ මේ ස්වේච්ඡා සේවවට උඵහාර වශයෙන් 2016.06.18 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් මේ ඉඩම් කොටසේ අයිතිය ශ්‍රී බෝධිරාජ පදනම වෙත පවරන ලද බව පුණ්‍යානුමෝදනා පූර්වකව දන්වා සිටිමු. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍ර දේශ කාර්ය්යාලයේ කළමනාකාර ආර්. බී. සිරිසේන මහතා ප්‍රධාන නිළධාරී භවතුන් මෙන් ම මොණරාගල මහදිසාපතිනි පද්මා කුලසූරිය මහත්මිය සහ මිනින්දෝරු කාර්ය්යය මණ්ඩලයද මෙහිලා කෘතවේදීව සිහිපත් කරමු. ශුෂ්ක හා නිසරු භූමියේ තෘණවගාව මෙතෙක් සාර්ථක කර ගැනීමට නොහැකිව ඇති හෙයින් මේ වන විට පිටතින් ගණකොළ සපයා ගැනීමට සිදුවී ඇත. ඒ සඳහා දැනට දිනකට රු. 4000.00 ක් පමණ මුදලක් වැය කිරීම බලවත් ගැටළුවක් බවට පත්වී තිබේ.