ජාත්‍යන්තර පාසල් පිළිබඳ සමාජාවධානය යොමුවුයේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රගුණතා පිළිබඳ ප්රශ්නය දැඩි ලෙස පැනනැගුනු නිසා ය. එයට පිළිතුරු සෙවීමේ ප්‍රතිඵලය වශයෙන් ශ්‍රී බෝධිරාජ විද්‍යාලය2002 වසරේදී ආරම්භ කෙරින. නාගරික ප්‍රෙද්ශයන්ට පමණක් සීම වු මෙවන් සේවාවන් ඇඹිලිපිටිය වැනි ඈත ගම්මානයක පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වු ප්රයත්නයකි. එවන් අභියෝගයකට මුහුණ දෙමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් දැනට දරු දැරියන් 900 ක් පමණ මෙහි අධ්‍යාපනය ලබති.
ඉංග්‍රීසිය යනු තව දුරටත් ඔටුන්නක් හෝ කඩුවක් නොව අපේ ගමන පහසු කරවන පාරිභෝගික උපකරණයක් පමණක්ය යන තේමාව යටතේ සිංහල භාෂාවත් බෞද්ධ හරපද්ධතියත් රැකගෙන ම ගැමි දරුවන් ජාත්‍යන්තරයට හුරු පුරුදු කරවන මේ උතුම් ව්‍යායාමය අධයාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබමින් දෙමාපිය පිරිසේ හා ශ්‍රී බෝධිරාජ පදනමේ අප්‍රතිහත උත්සාහය ශක්තිය කොටගෙන පවත්වාගෙන යනු ලැබේ. පළමු ශේණියේ සිට උසස් පෙළ දක්වා වු පාඨමාලා මෙහෙයවනු පිණිස 50ක පමණ ගුරු පිරිසක් කැපවී සිටිති.