ථේරිය බෞද්ධ සංස්කෘතිය රජයන කාම්බෝජයේ විශ්මිත කලා කෞෂල්‍යය හා ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රදර්ශනය වන පරිදි, කඩුවෙල ඉහළ බෝමිරියේ අංක 12 / 2 බී දරන ස්ථානයේ ඉදිකෙරුණු මේ ආයතනය දෙරටේ ඓතිහාසික සම්බන්ධය තහවුරු කරලමින් අප රටේ ක්‍රියාත්මක එකම මධ්‍යස්ථානය යි. අරඹවත්තගේ ඉන්ද්‍රාවතී රොඩ්රිගෝ මුණසිංහ ගුරු මෑණියන් විසින් ශ්‍රී බෝධිරාජ පදනම වෙත පරිත්‍යාග කෙරුනු නිවස සහිත භූමි භාගයේ ක්‍රියාත්මක මේ උදාර ශාසනික සේවාව කාම්බෝජ ජාතික ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ ධෛය්ය උත්සහායේ විශ්ෂ්ඨ ප්රතිඵලයකි. ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන කාම්බෝජ භික්ෂුන් වහන්සේලා 30 නමකට පමණ සෙවන සලසන මේ ස්ථානය ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවගේ ආකර්ශනය දිනා සිටින අන්තර්ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසින් ද සංවිධිත ය.
විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොමුවුනු දරුවන් 25 දෙනෙකුට ද සේවා සලසන මේ ආයතනයේ අධ්යක්ෂ තනතුර දරන්නේ ගෞරව ශාස්ත්‍ර වේදී පූජ්‍ය කාම්බෝජයේ කාශ්‍යප (හුම් කම්රා) හිමියන් ය.