ළමයින්ගේ වර්තමානය රටේ අනාගතය වේ. ඔවුන් තුල කායික වශයෙන් පමණක් නොව මාන මානසික සදාචාරාත්මක, ආ/මික හා සාමාජීය වශයෙන් ද පූර්ණ වර්ධනයක් ඇතිකරලීම වැඩිහිටි පරපුරේ වගකිමයි. දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජන වලින් මුදා ගැනීම විශේෂයෙන් වර්තමානයේ දෙමව්පිය වැඩිහිටි සැමගේ බැරෑරුම් වගකීමක් බවට පත්ව ඇත.
ලෝකයේ වඩාත් යහපත් දේ අයිත දරුවන්ට ම ය. මේ අනුව දරුවා පිළිබද පළමු රැකවරණය දෙමව්පියන් කෙරෙන් ද දෙවනුව ගුරුවරුන් කෙරෙන් ද තෙවනුව වැඩිහිටියන් කෙරෙන් ද සැලසිය යුතුය. සමස්තයක් ලෙස රට ම දරුවනගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි වරහිතව බැදී සිටී. එසේ නමුත් අද එවන් පරිපූර්ණ ආරක්ෂාවකින් තොර අපේම දරුවන් එකොලොස් දෙනෙක් අංක 65. අරලගංවිල පොර දෙහිඅත්තකණ්ඩිය, ඉන්දසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සෙවන ලබති.
එවන් අසරණ මල් කැකුලුවන් ගැහැණු දරුවන් හට සරණ වන්නට ඔවුන්ගේ නෙත් යුග පවත්නා කධුලු බි්බි්ු පිසලන්නට ඔවුන් සනා, කරලමින් ඒ ජීවිත වල අදුර දුරැ කොට සිත්සතන් සනසා ලන්නට, අවස්ථාවක් ලැබෙන්නේ නම් අපේ ජීවිතයට වාසනායක් නොවන්නේ ර්ද එවන් අවස්ථාවක් වනාහි අපේම ජීවත්වීම මගින් ඉටු විය යුතු උදාර මනුෂ්‍ය යුතුකමක් සේ ම සදා සැනසිලි දායක පුණ්‍ය කර්මයක් ද වන්නේ ය