ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පාලනය වන තවත් විහාරස්ථාන 13 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි හා ඇඹිලිපිටියට නුදුරු ගම්මානයන්හි ස්ථානගත ය. එම ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවගේ ආධ්යාත්මිකමෙන්ම සමාජීය සංවර්ධනය උදෙසා ක්‍රියාකිරීමට මෙම විහාරස්තානයන්හි භික්ෂූන් වහන්සේලා කැපවී සිටිති.
තවද මම ප්‍රදේශයන්හි තරුණ දරුවන් පැවිදි කර හා ඔවුන් හට අධ්‍යාපනය ලබාදි එම විහාරස්ථානයන්හි නේවාසික පහසුකම් සලසා සමාජ සේවයට යොමු කිරීම සිදු කරනු ලබයි. එමගින් ජනතාව හා පන්සල සමිප කරවිම මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ සදාචාර සංවර්ධනය නැංවිම අපගේ අරමුණ වේ