ඉගෙනීම, රැකිරක්ෂා කටයුතු, වෛද්‍ය ප්‍රතිකාර , සමාජ යුතුකම් ආදී නොයෙකුත් වගකීම් වලින් යුතු අනවරත ක්‍රියාදාමයක නියැලී සිටින අපගේ ජීවිතය ගලා යන්නේ නොනැවතී වේගයෙන් ඉදිරියට ගලායන ජල ප්‍රවාහයක් මෙන් ය. ඉදහිට විවේකයක් ගත්ත ද එය ද ගතවන්නේ හති ඇරීමටත්, සිදුවූ අතපසුවීම් ගැන තැවීමටත්, ඉදිරියේ තැනෙන අහස් මාළිගා ගැන සිතීමටත් පමණ ය. සත්‍ය වශයෙන් ම ඒ මගින් අපතුළ පවත්නා අසහනය වැඩිවනවා මිස අඩුවීමක් නම් නොවන්නේ ය.
ජීවිතයට පූර්ණ විවේකයක් අවශ්‍ය ය. ඒ විවේකය ලැබෙන්නේ දෛනික පරිසරයෙන් බැහැර නිහඩ නිසසල තුරුලතා පිරි වන අරණකදී ය. ගතේ දාහන නිවීගොස් සිත පහන් වන්නට පටන් ගන්නේ එබදු වටපිටාවකදී ය.
සංකීර්ණ සමාජ ජීවිතයේ කාර්ය්ය බහුලතාවෙන් මිදී මානසික සහනය සොයන පින්වතුන්ගේ යහපත පතා බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විවෘත වී තිබේ. සූරියකන්ද රක්වාන මාර්ගයේ 7 වංගුව (ස්ප්රිංවුඩ්) අසල රක්කර 7 ක් පුරා පැතිර සිටි අරණ්‍යක පරිසරයේ අදාළ පහසුකම් සැලසී ඇත. මුහුදු මට්ටමින් අඩි 2400 ක් පමණ ඉහළින් පිහිටි කදුවැඩි සහිත සිසිල් දේශගුණයෙන් යුතු මේ සුවදායක තපෝ භූමිය 100 කට පමණ රැස්විය හැකි ප්‍රධාන ශාලාවකින් ද 40 දෙනෙකුට ප්‍රමාණවත් නේවාසික පහසුකම් වලින් ද සමන්විත ය.
නේවාසිකයන් සදහා නිර් මාංශ ආහාර පානාදිය මධ්‍යස්ථානය මගින් සැපයෙයි. පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත නඩත්තුවන මේ සාන්තිදායක සේවාව සදහා කිසිදු අයකිරීමක් නොකෙරේ.