පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමිපාණන්ගේ සාසනික, සාමාජික සේවාවන් වටා ඒකරාශී වූ සිංගප්පූරුවේ සැදැහැති පින්වත් පිරිසේ එකතුව බෝධිරාජ බෞද්ධ සමිතිය යි. 1994 දී ආරම්භ කෙරුණු මේ සුහද සංසදය බෞද්ධ පිළිවෙත් ප්රලුණ කරමින්, නිරවද්‍ය වූත්, තෘප්තිමත් වූත් ජීවිතයක් ගත කිරීම සදහා වූ මාර්ගෝපදේශනය සිය සාමාජිකත්වයට ලබා දෙයි.
ශ්‍රී බෝධිරාජ පදනම හා සම්බන්ධ කුදු මහත් සේවාවන් සදහා නිරන්තර දායකත්වය සපයන මේ සංවිධානය හා සම්බන්ධ දායක පිරිසේ කාරුණික භාවය හා හිතෛශී භාවය ශ්‍රී ලාංකීය ජනතාවගේ සදානුස්මරණීය කෘතවේදීත්වයට යොමු වන්නකි.