ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම.
2021-05-27 දින ප්‍රකාශයට පත් කරන ලදි.
ගලහිටිය ධම්මගිරි විහාරය විවෘත කිරීම
ගොඩකවෙල ගලහිටිය මාඋස්සාකන්ද ධම්මගිරි විහාරස්ථානය විවෘත කිරීමේ මහා පිංකම මෙම මස 4 වන බ්‍රහස්පතින්දා සිදු කෙරිණි. එදින පෙරවරු 9.00 ට යෙදී ඇති සුබ මොහොතින් විවෘත කෙරුණු මෙම විහාරය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි ගේ අනුශාසනා පරිදි,
ශාස්ත්‍රවේදී රන්නේ ඉන්දසාර හිමි ගේ විහාරාධිකාරිත්වයෙන්, පේරාදෙණිය සරසවියේ උපාධි අපේක්ෂක කාව්‍ය ශ්‍රී සෙවනගල අජිත හිමි ගේ සහ එම ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් අලංකාර ලෙස ගොඩනැගුණි. මෙදින ශෛලමය බුද්ධ ප්‍රතිමාව සහිත නව බුද්ධ මන්දිරය විවෘත කිරීම, ත්‍රිපිටක ග්රන්ථ පූජාව, දායක දායිකා දෙපලක් විසින් විහාරස්ථානයට තමන් සතු ඉඩම් කොටස් දෙකක් පූජා කිරීම, මිය ගිය රණවිරුවන්ට පින් පැමිණවීම හා කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමට ජනතාවට ආශිර්වාද කිරීම ඇතුළු ආගමික වැඩසටහන් රාශියක් සිදුවිය.මෙම ආගමික උත්සවය කොරෝනා නීති රීති වලට අනුකූලව සිදු කෙරුණු අතර රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහලේකම් ගොඩකවෙල මහින්ද මහා පිරිවෙන් පරිවේණාධිපති කෝම්පිටියේ සුසීල ස්වාමීන් වහන්සේ ප්‍රධාන, සංඝරත්නය ඇතුළු දායක දායිකාවන් රැසක් සහභාගී විය.
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න