අද වෙසක් පොහොය දිනටම යෙදී ඇති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 71 ජන්ම දිනය නිමිත්තෙන් රෝද පුටු 100 ක් හා ගැබිණි මව්වරුන්ට ආහාර භාණ්ඩ මලු 10 ක් පරිත්‍යාග කරන ලදී.
2021-05-26 දින ප්‍රකාශයට පත් කරන ලදි.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුභවතුන් සඳහා විශේෂ පුහුණුව හා සේවා ඇගයීම.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුභවතුන් සඳහා සංවිධානය කර තිබූ මෙම විශේෂ වැඩසටහ පෙබරවාරි මස 5 වන සිකුරාදා සාර්ථක ලෙස පැවැත්වුණි. එම වැඩසටහන, මානව හැකියා හා සංවර්ධන පුහුණුකරු දිශාන් තිලක්ෂණ මහතා විසින් මෙහෙයවූ අතර ඒ සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ සහ පූජ්‍ය ශාස්ත්‍රපති රන්නේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ සහභාගීවුහ.
වැඩසටහන අදියර දෙකකට පැවැත්වුණු අතර උදෑසන බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරු මණ්ඩලය සදහා පුහුණු සැසියක් ද පසුව පැමිණ සිටි දෙමාපියන් දිරි ගැන්වීම හා ඇගයීම ද සිදුකරන ලදී. මෙහිදී පෙර පාසල් ගුරුවරයෙකුගේ වගකීම හා තම ජීවිතයේ දී පැමිණෙන ගැටළු වලට මුහුණ දෙන ආකාරය ආදී වූ වැදගත් මාතෘකා බොහෝමයක් ඔත්සේ දැනුවත් කිරීම සිදුකෙරිණ.
ඊට අමතරව ගුරු මණ්ඩලය සඳහා සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය කළ අතර සකස් කිරීමට ලබාදී තිබූ ව්‍යාපෘති ඇගයීම ද මෙහිදී සිදුවිය. පැමිණි සිටි සියලු දෙනාට දහවල් සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ අතර එම වැඩසටහන සියලු දෙනාගේ සුහදත්වය හා මානව හැකියා වර්ධනය කිරීමට මහගු අවස්ථාවක් විය.
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න