පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය පෙබරවාරි මස 8 වන දින උදෑසන 8.00 සිට පැවැත්වුණි.එම වැඩසටහන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකරන ලදී. ඒ සදහා සිසු දු පුතුන් සමඟ 250 කට ආසන්න දෙමාපියන් පිරිසක් ද සහභාගී වු අතර එහිදී පංති නවයක් සදහා ළමුන් බදවා ගනු ලැබීය.
ඉන් අනතුරුව 2020 වර්ෂයේ ළමුන් සදහා සංවිධානය කර තිබූ විවිධ ප්‍රසංගය පැවැත්විණි. ඉතා සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වුනු මෙම වැඩසටහන සන්ෆලවර්,ලෝටස්, ජැස්මින් හා මෙරිගෝල්ඩ් යන පංති හතරෙන් එක බැගින් හා පොදු ඉදිරිපත් කිරීම් වශයන් තම දක්ෂතා එළි දැක්වීම සිදුවිය. නවක සිගිත්තන්ට සේම විසිරගිය දරුවන්ට ද සුබ අනාගතයක් වේවායි පතන්නෙමු.
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න