පළමුවන ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම
ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 2021 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය 15 වන සදුදා දින සිදුකෙරිණි. උදෑසන 8.00 ට ආරම්භ වූ එම වැඩසටහන, විද්‍යාලයේ නිර්මාතෘවර ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අනුසශාසනා පරිදි බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිනිය වන , ඉන්දිකා අන්ගම්මන මහත්මියගේ මෙහෙයවීමෙන් ඉතා ගෞරවණීය හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සිදුකරන ලදී.
ඒ සදහා විශේෂ ආරාධනය ලැබ, ඇඹිලිපිටිය කලාප කාර්යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබද සම්බන්ධීකරණ නිලධාරී අබේසේකර මහතා ද ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය සේම ආදර්ශමත් ශිෂ්‍ය චරිතයක් වන ශුක්රා මුනව්වර් මෙනෙවියද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් කර්නල් ඩී.ඒ සිරිමාන්නගේ මහතා ද සහභාගී විය. එහිදී සිසු දූ දරුවන්ගේ විශේෂාංග කිහිපයක් සමග පැමිණ සිටි විශේෂාරාධිත මහත්ම මහත්මීන් ද අදහස් දක්වා නවක සිසුකැළට ආසිරි පතන ලදී. බෝරද මවු සෙවනට සමීප වූ සියලු සිසු දරුදැරියන් පැහැබර අනාගතයකට සුබාසිරි පතන්නෙමු.
2021-03-11 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න