ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.
2023-08-11 දින දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව දරුවාගේ මනසේ සිත්තමක් සේ සටහන් වූ බව අප දනිමු. ගොවි මාමා දැක සතුටු වීම මෙන්ම නියර දිගෙ නිදහසේ දුවන දරුවා වෙල් යායේ සිසිල් සුලගේ ආශ්වාදය තුළින්ද සතුටක් ලබන ලදී . දරුවන්ට නියර, ලියැද්ද, වක්කඩ, ඉපනැල්ල ,පඹයා, ගොයමේ ස්වභාවය සහ දෑකැත්ත , උදැල්ල යනාදිය එකිනෙක හදුනාගන්නට අවස්ථාව සලසාදෙන ලදී. එමෙන්ම ගොයම් කවි කීම තුලින් ගායනය හුරු වීම , හැගීම් , ඉරියව් ප්‍රකාශ වීම මෙන්ම ඒවා රස විදිමින් ගායනයට එකතු වන ලදී . තව ද කුඹුරට ගෙනෙන ඇඹුලේ රස විදිමින් දරුවන් මහත් සතුටින් කාලය ගත කරන ලදී .
2023-09-04 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න