වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට ආසන්න දරුවන් පිරිසක් සහභාගී වූහ. තංගල්ල මුහුදු වෙරළ ,හම්බන්තොට කුරුලු උයන සහ උද්භිද උද්‍යානය නැරඹීමට ගිය අප දරුවන් විනෝදාත්මක අධ්‍යාපන චාරිකාවක අත්දැකීම් ලබා ගතහ.එහි අරමුණු වූයේ දරුවන්ට පාරිසරික දැනුම හා අවබෝධය ලබාදීම ,බුද්ධි වර්ධනය ශාරීරික වර්ධනය, මානසික සුවතාව සහ විනෝදාස්වාදය යනාදිය ලබා දීමයි. මෙහිදී දරුවන් ඉතා සතුටින් කාලය ගත කරන ලදී.( තංගල්ල මුහුදු වෙරළ ) එමෙන්ම විවිධ වර්ගයේ කුරුල්ලන් පිලිබද දැනුම ලබාගත් අතර තම ගුරුවරුන් සමග පාගමනින් කුරුලු උයන නරඹන ලදී. ඉන් පසු උද්භිද උද්‍යානය නැරඹීමට විදුලි කාර්රථ යොදා ගත් අතර දරුවන් ඉතාමත් විනෝදයෙන් තම මිතුරන් සමග උද්‍යානයේ සිරි නරඹන ලදී. චරිකාව සදහා දෙමාපියන් සහබාගී නොවූ අතර දරුවන් තම ගුරුවරුන් හ මිතුරන් සමග ඉතා ආරක්ශිතව චාරිකවට සම්බන්ධ වීමෙන් ඔවුන් ලබාගත් අත්දැකීම් සුවිශේෂ වේ.
2023-09-03 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න