75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023
2023.පෙබරවාරි මස 03 වන දින පෙ.ව.8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ගුරුවරියන් සහ දූ දරුවන් විසින් 75 වන නිදහස් උළෙල සැමරීමට විශේෂ වැඩසටහනක් පවත්වන ලද අතර මෙයට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩමවන ලද අතර මෙහිදී, * නිදහස් උත්සවය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම * රටවැසියන් සහ සියලු දෙනාට සෙත්පතා නෙළුම් මල් සහ පහන් පූජාවක් පැවැත්වීම * දරුවන් තුල ජාත්‍යාලය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ දැනුම , විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමටත් නිදහසේ අභිමානය දරුවන්ට දැනවීමටත් දරුවන් සහ ගුරුවරියන් විසින් බෝධිරාජ ධර්මායතනයේ සිට පෙරපාසල දක්වා විශේෂ පාගමනක්ද පෙරට්ටුවක්ද සංවිධානය කල අතර මෙහිදී බෝධිරාජ විද්‍යාලයේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ සහයෝගය ලැබුනි. * පෙරපාසල් භූමියේදී දරුවන් සමග විවිධ නර්තනාංග සහ දේශාභිමානී ගීත ගායනා ඇතුලු වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්කරන ලදි.
2023-02-07 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න