ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රකාශ කිරීමට වේදිකාවක් ලබා දීම, දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම සහ වේදිකා බියෙන් මිදීමට ඔවුන්ට උපකාර කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූ අතර මේ සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ, පූජ්‍ය ශාස්ත්‍රපති රන්නේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ සහ මුවන්තැන්නේ සෝමවංශ ස්වාමීන් වහන්සේලා සහභාගී වු අතර මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සබරගමුව පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් කේ.එල්.එම්.සී කුලරත්න මහත්මිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.
මෙය දරුවන්ගේ හැකියාවන් හා කුසලතාවයන් ඔපනැංවීමට මහඟු පිටුවහළක් විය.
2022-12-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න