ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ දී සිදුකෙරිණි.
කලාපයේ පිරිවෙන් සංවර්ධනය හා සාමණේරයන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස ක්‍රියාත්මකවීම මෙහි ප්‍රමුඛ අරමුණ වෙයි. සංවර්ධන කමිටුවේ අභිනව ලේඛකාධිකාරී ධූරයෙන් පිදුම් ලද ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රාචාර්ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන් ඇතුළු සියලු දෙනාට අපගේ සුබපැතුම් එක්කරමු. මෙහිලා ඇපකැපවී කටයුතු කරන ලද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිපාණන් වහන්සේට කෘතවේදිත්වය පළකර සිටිමු.
තවද ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද සාමණේර බණදහම් පොත කලාපයේ පිරිවෙන් ආයතන සඳහා පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
2021-04-07 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න