මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් විශාලතම හදිසි ආපදාව 2004 දී සිදුවූ සුනාමි ව්‍යසනය යි. තිස් දහසකට අධික ජීවිත අහිමිකළ ඒ විපත්තිකර අවස්ථාවේ නිවාස අහිම වූ අය වෙනුවෙන් ශ්‍රී බෝධිරාජ පදනම පානදුර සිට තිස්සමහාරාම දක්වා ප්‍රෙද්ශයේ නිවාස 700 ක් ඉදිකරන ලදි.
මේ මහා ව්‍යායාමයේදී තායිලන්තයේ අන්රී ආගමික ස සංවිධානය, සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය මෙන්ම තවත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.
ශ්‍රී බෝධිරාජ පදනමේ ක්‍රියාකාරින්ගේ බලවත් උත්සාහය නිසා ම සුනාමි විපත සිදුවී තෙමසක් ගතවීමටත් පෙර, දිවයිනේ ප්‍රථම සුනාමි නිවාස සමූහය පානදුර සාගර මාවතේ දී විවෘත කෙරින. එහි නිවාස ගණන 12 ක් විය.
බෝධිරාජ මෙත්සෙවන නිවාස වැඩසටහන විශේෂත්වයක් දරන්නේ එහි පසු විපරම් කටයුතු ද සිදු කෙරෙන බැවිනි. සුනාමි විපතින් පසු ජිවිතය අළුතින් ආරම්භ කරන්නට ද, ගෙවත්ත සකස් කරගන්නට ද මේ යටතේ උපකාර කරන ලදි. දරුවන්ගේ අ අධ්‍යාපන කටයුතු සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කෙරින.