කිරි ගවයින් නිදහස් කිරීම

කිරි ගවයින් නිදහස් කිරීම

අඩු ආදායම්ලාභී පවුල් සදහා කිරි එළදෙනුන් පරිත්යාග කිරීමේ වැඩසටහන දැනට දිවයින පුරා තෝරගත් ගම්මාන රැසක ක්රියාත්මකය. විශාල වශයෙන් විදේශ විනිමය වැය කෙරෙන කිරිපිටි භාවිතය වෙනුවට වඩාත් පෝෂ්ය දායක දියර කිරි භාවිතයට ජනතාව පෙළඹ වීම, පවුලේ පෝෂණය සමග අමතර ආදායමක් සදහා මග සැලසීම, ගවමස් කෑම වළකාලමින් මෙත් කරුණා ගුණ පෙරදැරිව ගවයින් රැක බලා ගැනීම ආදි උදාර අරමුණු පෙරදැරිව සිදුකෙරෙන මේ සමාජ, ආර්ථික මහා සත්කාරය යටතේ සෑම මසකම අවම වශයෙන් කිරි දෙනුන් 100ක් පරිත්යාග කෙරේ.

යාපනය කිළිනොච්චිය ඇතුලු උතුරු පළාතේ පමණක් මේ වන විට කිරිදෙනුන් 700ක් පමණ පරිත්යාග කර ඇත. 2000 වසරේ ඇරඹුනු මේ සේවාව යටතේ කිරිදෙනුන් 7500 කටත් වැඩි ප්රමාණයක් ලබා දී ඇති අතර ඒ සතුන් පිළිබද පසුවිපරම් කටයුතු සංවිධානය හරහා නිරතුරුව සිදු වෙයි. තායිවානයේ පුජ්යතර හයිතාඕ හිමිපාණන් ප්රධාන දායක පිරිස සහ සිංගප්පුරුවේ බෝධිරාජ බෞද්ධ සමිතිය සමග ශ්රී ලංකා පරිත්යාගශීලි පින්වතුන් මේ සදහා දායකත්වය දරති.

අභය දානය හෙවත් සතෙකුගේ ජීවිත බේරා ගැනීම බෞද්ධ චර්ය්යමාර්ගයේ ඉතාම වැදගත් ක්රියාකරකමක් ලෙස පිළිගැනේ. ඒ මගින් පවුලතට පෝෂණය සැපයේ නම්, හෝ පවුලකට ආදායම් මගක් සැපයේනම් ඒ අභයදාන පිංකම තවදුරටත් මහත්ඵල වන්නේය. එනිසාම ගව අභයදානය හුදු පිංකමක් පමණක් වශයෙන් නොව රටේ අර්ථිකය ගොඩ නංවන ජාතික මෙහෙවරක් ද වන බව පැහැදිලි ය. ඒ අනුව පරිත්යාගශීලීන්ගේ දානමය චේතනාව බොහෝ දෙනෙකුගේ මෙලොව පරලොව දෙක්හිම යහපත සදහා මේ මගින් යොදා ඇති බව කිව යුතුය.

කිරිගව අභයදානය යනු ආගමික වැදගත්කමකින් යුතු පුණ්‍ය ක්‍රියාවක් පමණක් නොවන බව පැවසිය යුතුය. ශ්‍රී ලාංකීය ජාතියේ අනාගතය සුරැකෙන්නේ ශාරීරික නිරෝගීතාව හා ආර් ථික ස්වයංපෝෂණය පදනම් කරගෙන ය. ශාරීරික නිරෝගීතාවට ප්‍රධානතම බාධාව වී ඇත්තේ කෘතිම පෝෂණකාරක යොදා සකසන ලද කිරිපිටි බව අද මධ්‍යස්ථව පිළීගැනී ඇති සත්‍යයකි. එසේම කිරිපිටි ආනයනය සඳහා දැනට වාර්‍ෂකව වැය කරන මුදල රුපියල් කෝටි තුන්දහස ඉක්මවා සිටින බව ද පැහැදිළි ය. (රු. 30000000000.00 = ඇ. ඩො. 300000000.00)මේ මහා ධනස්කන්ධය වැයකර ලබාගන්නේ කිනම් ලාභයක් ද යන්න අද විමසිය යුතු සහ නිර්භය ලෙස ඉදිරිපත් කළ යුතු ප්‍රශ්නයකි. අව අභයදානයේ එක් වැදගත් ප්‍රාර්ථනායක් වන්නේ දේශීය ගව සම්පත රැකගෙන ඒ මගින් දියර කිරි භාවිතාවට ජනතාව යොමුකර මේ කිරිපිටි මාෆියාවෙන් ජාතිය සුරක්ෂිත කිරීම බව ද කාරුණිකව සැලකුව මනාය.