විවිධ ආර්ථික, ආචාරමය ගැටළු හේතුකොටගෙන අසරණවන ගැහැණු පිරිමි දරුවන්ගේ රැකවරණය සලසමින් ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීම සඳහා බෝධිරාජ ළමා නිවාසය කැපවී සිටියි. ඇඹිලිපිටිය සරත්චන්ද්‍ර සමූහ ව්‍යාපාර අධිපති සේනක සරත්චන්ද්‍ර මහතාගේ මූලික කැපවීමෙන් ආරම්භ කෙරුනු මේ දයා කරුණා නිවහන සබරගමුව පළාත් පරිවාස, ළමාරක්ෂක හා සමාජසේවා කොමසාරිස්තුමියගේ අධීක්ෂණය යටතේ, මහජන ආධාර මත පවත්වාගෙන යනු ලැබේ. මේ වන විට මෙහි දරු දැරියන් 39 දෙනෙක් සෙවන ලබති.
රට අනාගතය දරු පරපුර නම්, ඔවුන් වෙනුවෙන් වර් තමානයේ අප විසින් කරන කැපකීරීම ඉතා අර්ථාන්විත ආයෝජනයකි. සමාජයේ ඇතැම් දරුවන්ට අහිමිවන මා පිය සෙනෙහස ලබා දෙමින් අර්ථවත් ලෙස ආදරය හිමි කර දෙමින් කරන සත්කාරය නිසා ඉදිරියේ යම් දිනෙක බිහිවන්නට නියමිත සමාජ විරෝධීන්ගේ සංඛ්‍යාව අවම කරගත හැකිය.
ස්වාභාවික විපත්, මා පිය ගැටුම් හා වෙනස්වීම් නීතිමය ප්‍රශ්න හමුවේ මැළවී යන ළමා වියේ සුන්දරත්වය යළි ලබා දෙමින් ඔවුන් ගතින් හා සිතින් පෝෂණය කිරීමට සුදුසු ම පරිසරය නිර් මාණය වන්නේ බෞද්ධ වත්පිළිවෙත් සහිත ළමා නිවහනයකය යන්න බෝධිරාජ පදනමේ විශ්වාසය යි.