විහාරස්ථානයක් පවා නැති ඈත පිටිසර ගම්මානවල ගැමි ජනතාවගේ යහපත පතා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. පළමුව ඒ ගම දැනුවත් කර එක් නියමිත දිනක භික්ෂුන් වහන්සේලා ගෞරවාකාරයෙන් ගෙයක් ගෙයක් පාසා වැඩම කරවා සෙත් පිරිත් දෙසමින් ධර්මානුශාසනා සිදු කරමින්, පිණ්ඩපාතයේ යෙදී දානය පිළිගනිම්න් සිදු කෙරෙන මේ සදුත්සාහය ධර්මචාරිකා නම් වෙයි. බොහෝවිට තම ජිවිත කාලය තුළ හිමිනමක් සිය නිවසට වැඩමවූ ප්‍රථම අවස්ථාව මෙය බැව් පවසන ගැමි බෞද්ධ පින්වතුන් බොහෝ ය. සංවර ආකල්පයෙන් යුතු භික්ෂුන් වහන්සේගේ දර්ශනයම වුවත් ගැමි දනන් තුළ සදාචාර උද්යෝගය වඩා වර්ධනය කෙරෙන අතර ගිහි පැවිදි දෙපිරිසම මේ මගින් අත්‍යන්ත මානසික සතුටක් වින්දනය කරයි.